Monday, July 21, 2014

MIRAFIZENTIA '14

'The miraculous combination of Science with Art and Spirituality'

මෙතෙක් අප ආ මග යන මැයෙන් විද්‍යා සංගමයේ විශේෂ අවස්ථා යළි සිහිපත් කිරීම, සොඳුරු සිහිවටන සමරු ඵලකය එළි දැක්වීම, විෂය කුසලතා සහතික පත් හා විශිෂ්ට සම්මාන තිළිණ පිරිනැමීම, අඩු සම්පත්ලාභී පාසලක් වෙනුවෙන් අණ්වීක්ෂයක් පරිත්‍යාග කිරීම, ආදී කටයුතු අතරට විද්‍යා දිනයට සමගාමීව පවත්වන ලද දීප ව්‍යාප්ත අන්තර්  පාඨශාලීය දැනුම මිනුම හා ගද්‍ය පද්‍ය රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින්ට සහතික හා ත්‍යාග ප්‍රධානය කිරීමද මෙදිනදී සිදුකෙරිණි.

විවෘත විශ්ව විද්‍යාලයේ ජෙඨ කථිකාචාර්ය සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ජයන්ත වත්තේවිදාන මහතා ආරාධිත දේශනය පැවැත්වීය. 

විදුහල්පති බ්‍රවේ කර්නල් එච්.ඒ.එච් ජයවර්ධන මහත්මියගේ අධීක්ෂණය ඇතිව විද්‍යා අංශයේ සහකාර විදුහල්පති පී.එල්.සැම්සන් මහතා, විද්‍යා සංගමය භාර නදීශා මහත්මිය හා දයාල් හේරත් මහතා උත්සව කටයුතු සංවිධානය කළහ.
මෙම අවස්ථාවට ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවාරච්චි මහතාද, ගම්පහ කොට්ඨාස හා කලාප විද්‍යා අංශ ගුරු උපදේශකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment