Saturday, May 10, 2014

67 වන සංවත්සරයට සමගාමීව - "රන්වැලි අබිමන්'14 "


  • 67 වන සංවත්සරය අභිමානවත්ව සමරමින් පැවති "රන්වැලි අබිමන් '14 " අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගිය දින (මාර්තු මස 04 සිට 08 දක්වා) උත්කර්ශවත් ලෙස නිමාවිය. ඒ සඳහා ආරාධිත අමුත්තන් ලෙස සපැමිණි ස්වදේශ කටයුතු අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආර්ථික හා සංවර්ධන අමාත්‍ය සහ පුනර්ජනනීය හා බලශක්ති අමාත්‍ය යන අමාත්‍යවරුන් සහභාගි විය.
  •  6 සිට 13 ශ්‍රේණිය දක්වා ජීව විද්‍යා, භෞතික විද්‍යා, රසායන විද්‍යා, ගණිත, සංගීත, චිත්‍ර, නැටුම්, ප්‍රංශ, ජපන්, ඉංග්‍රීසි, සිංහල, වානිජ, බාලදක්ෂ, තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය ආදී ප්‍රදර්ශන කුටි රැසක් පැවැත්වුණි.ඒ සඳහා සහයෝගය ලබාදුන් ගුරුවරුන්, දෙමපියන්, ආදි ශිෂ්‍යාවන්, සහෝදර සහෝදරියන් සියලු දෙනාට විද්‍යාලීය ස්තූතිය පුදකර සිටිමු.


  • 67 වන සංවත්සරයට සමගාමීව පැවැත්වුණු රන්වැලි අබිමන් පා ගමන 2014 පෙබරවාරි 25 වන දින ලිය අබිමන් සංවිධානයේ සභාපතිනි පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.    මේ සඳහා විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පතිතුමන් හා  නියෝජ්‍ය විදුහල්පතිතුමියන්, ගුරුවරුන්, අනධ්‍යන කාර්‍ය මණ්ඩලය, ආදි ශිෂ්‍යාවන්, සුභ පතන්නන් සහ පාසල් ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වය දක්නට ලැබුණි.  මෙම අවස්ථාවට සහයෝගයෙන් අතහිත දුන් සියලු දෙනාට පාසල් ප්‍රජාවගේ ස්තූතිය පුදකරමු.










  • 67 වන සංවත්සරයට සමගාමීව හා වාර්ෂිකව විද්‍යාලයේ පැවැත්වෙන ඕල්කොට් දානය නිමිති කරගෙන පැවැත්වූ වාර්ෂික තුන්වරු පිරිත හා දානමය පිංකම 2014 පෙබරවාරි 13 වන දින හා ඊටපසු දින විද්‍යාලීය නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුණි. 






රන්වැලි අබිමන්'14

No comments:

Post a Comment